වැලිකඩ ඕ.අයි.සී හිරේට


 2009 අප්‍රේල් මාසයේ දී හෝටන් තැන්න අභය භූමියට අනවරයෙන් ඇතුළු වී වනජීවී නිලධරයනට පහර දුන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් අමරසිංහට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළේය.

නඩුව විභාග වූයේ අමරසිංහ නොමැතිවය.

තවත් චෝදනාවකට රුපියල් 15,000ක දඩ නියම කළ මහේස්ත්‍රාත් දඩය නොගෙවන්නේ නම් මාස තුනක ළිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

මුල සිටම නඩුවට පෙනී නොසිටි අමරසිංහ පසුගිය 19 වැනි දා නිවාඩු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර සිංගප්පූරුවට ගිය බව පොලිස් ආරංචි කියයි.