ප්‍රසාද් මුතුකුඩ
කටාන ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුව දුරකථනයෙන් බිය ගන්වා රුපියල් ලක්ෂ 12 කප්පම් ලබා ගැනීමට උත්සහ කළ මුල්‍ය ආයතනයක සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නො 66 /1 උඩංගාව කොචිචිකඩේ පදිංචි (32) අවිවාහක සැකකරුවෙකි.
මොහු මීගමුව නගරයේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක වෙළඳ කළමණාකරුවකු ලෙස සේවය කරමින් සිටි තැනැත්තෙකි.
දූනගහ ‘සුජී’ යන පාතාල නායකයා තමන් බවත් මේ ප්‍රදේශයේ සියළු ව්‍යාපාරිකයන් තමන්ට කප්පම් මුදල් යහමින් දෙන බවත් ඉල්ලූ ලක්ෂ 12 නොදුන හොත් හෙරොයින් මත්කුඩු සහ ව්‍යාජ මුදල් නිවසට දමා රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවට අවු 62 වයසැති වැලි ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයින් දුරකථනයෙන් බිය ගන්වා මෙලෙස කප්පම් මුදල් ලබා ගැනීමට සැකකරු උත්සහ කර තිබූ බව පොලීසිය කියයි.