
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ බව කියන වැලි ටිපර් රථයකට වෙඩි තබා එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
රියැදුරා ටිපර් රථය පොලිස් නිලධාරීන්ගේ ඇඟට කැපූ අවස්ථාවේ රථයට යටවීමෙන් බේරීම සඳහා ඉවතට පැන අවස්ථාවේ බිම ඇදවැටී තුවාල ලැබූ පොලිස් කොස්තාපල් මන්ද ගායි රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසු වේ.
මෙම ටිපර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි වැලි තොගයක් යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

