කල්පිටියේ දූපත් 14ක වැසියෝ දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මුහුදු වැල්ලේ වළක් හාරා ඊට එකතුවන ජලය පෙරා ඔවුහූ බීමට ගනිති. වාරකන් සමයේදී මේ අයුරින් වතුර ලබා ගැනීමටද නොහැකි බව දූපත් වාසීහූ කියති.
කල්පිටිය නගරයේ සිට මගී ප‍්‍රවාහන හා භාණ්ඩ ප‍්‍රවාහන යාත‍්‍රා ඔස්සේ ජලය ගෙන යාම මෙම ජනතාවට ජලය ලබා දීමට ඇති එකම විකල්පය වේ. එක් ජල බූලියක් රුපියල් තුන්සිය පනහේ සිට රුපියල් දහස දක්වා මිල නියම කර ඇත.
බත්තලන්ගුංඩුව, පල්ලියවත්ත යන දුපත් වල පමණක් සාමාන්‍යයෙන් පවුල් තුන්දහසක් පමණ වෙසෙති.