වැලි කොල්ලකෑ හිටපු ප්‍රා උප සභාපතිත් හිරේ


වැලි පැටවූ ටිපරයක් 2004 ජනවාරි මාසයේ දී කොල්ලකෑ වරදට දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සිව් දෙනෙක් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් දඩ ගසා සිර දඩුවම් ද නියම කරනු ලැබූහ.

උප සභාපති පී ඩබ්ලිව් ජී ප්‍රියන්ත උදය කුමාර , සුනන්ද කරුණාරත්න, එඩ්වින් ප්‍රේමසිරි හා එම් වී පුෂ්පකුමාරට එම දඬුවම් නියම විය.

එක් අයකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් දස දහසක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම විය.