වැලි ඉවත් කිරීමට පැමිණි “සයුර“ ගල් පරයකට නගී


හික්කඩුව ධීවර වරායේ වැලි ඉවත් කිරීමට පැමිණි “සයුර“ නෞකාවේ නැංගුරම කැඩී සුළඟට හසුව ගසාගෙන ගොස් කොරල් පරයක් මත රැඳී ඇතැයි හික්කඩුව පොළීසිය කියයි. පොළීසිය පවසන්නේ නැව යළි දියඹට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බවයි.

අද දිනයේද මුහුදේ ඉතා රළු ස්වභාවයක් පවතී.