සාලිය වැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතා නුවරඑළිය පොලිසියට මාරු කරනු ලැබ සිටී.
පසුගිය හය වෙනිදා අනවසර වැලි ට්‍රැක්ටරයක් රැගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමට මුල් වූයේද මේ පොලිස් නිලධරයාය.
එම සිද්ධියේදී මෙම පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කළාපය පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
සිද්ධිය වු අවස්ථාවේදී පහර කෑමට ලක් වු පොලිස් කොස්තාපල්වරයා ගැනද නොසලකා සැකකරු පොලිස් ඇප මත මුදා හැර තිබිණි.
බී වාර්ථාවද වෙනස් කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා එදා ප්‍රකාශ කළේය.

