වැල්වැට්තුරේ තිදෙනෙක් රිමාන්ඩ්


ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් පහළොවක් ළග තබා ගත්  වැල්වැටිතුරේ තිදෙනෙක් කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් විසින්  බදාදා (05) වන තුරු රිමාන්ඩි කරන්නැයි නියෝග කළේය.

තංගවේල් ධර්ම සීලන්, එස් සෙල්වක්‍රිෂ්ණන් හා අප්පලිංගම් උදය චන්ද්‍රන් ඔවුහුය.

පොලිස් විශේෂ සේවා කාර්ය බළකාය කොළඹ බ්‍රිස්ටල් වීදීයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට භාර දුන් බව උසාවියේදී කියැවිණි.

සෑබෑ ක්‍රෙඩ්ට් කාඩ්  දත්ත සොරාගෙන ඒ අනුව ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් සදා ඇති බවත් එමගින් ඔවුන්  ටෙලර් යන්ත්‍රවලින් ගන්නට ඇතැයි සිතන මුදල් ත්‍රස්ත්‍රවාදී  සංවිධානයකට බැරකරන්නට ඇද්දයි සොයන බවට පරීක්ෂණ අවසන් නැති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.