පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන පෙදරේරුවෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. එසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර පදිංචි ඩබ්.එම්. වසන්ත රත්නසිරිටය.
විත්තිකරුට දඩුවමි නියම කළ අවස්ථාවේ මහාධිකරණයට නොපැමිණි නිසා විත්තිකරු වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර කොටිඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කෙරිණි.

