වැරදි පාරෙන් කොරියා යවන්න හැදූ කොරියානුවා මාට්ටු


 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර හැරීමේ චෝදනාවට කොරියානු ජාතිකයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ෂණ අංශ අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව එම කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම පුද්ගලයා පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.