වැරදි පාරෙ ගිහින් ලොරි රියදුරා දඩ කයි


ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපයේ ලොරියක් අනවරයෙන් පැදවීයැයි වරද පිළිගත් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 500ක දඩ නියම කළේය.

ජූනි පස් වැනිදා ඔහු පොලිසියෙන් අවසරයක් උත්තරානන්ද මාවතේ ලොරිය පැදවීමෙන් අධි ආරක්ෂිත කලාපය ප්‍රකාශයට පත් කරමින් 2008 අගෝස්තු 20 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.