වැඩේ කරලා පාඩුවේ ඉන්න ළමයෙක්


20160314ent-601

ලාංකික සිනමා ක්ෂේත්‍රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඉදිරියේදී ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව ඇත. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශනය රියැලිටි වැඩසටහනක් ඔස්සේ නැවතත් රසික ප්‍රතිචාර ලැබෙමින් පවතියි. ඒ පිළිබඳව "සාරවිට" සමග පැවසුවේ මෙවැන්නකි.

"දෙරණ නාලිකාවේ විකාශනය වන රියැලිටි වැඩසටහනට දායක වෙලා ඉන්න නිසා මේ දවස් ටිකේ ටිකක් කාර්ය බහුල වෙලා තියෙන්නේ. එහි විවිධ ඉදිරිපත් කිරීම් කරන්න තිබෙන නිසා තමයි මෙවැනි කාර්යබහුලත්වයක් ටිකක් ලැබිලා තියෙන්නේ. ඊට අමතරව %සිහින විමන්" ටෙලිනාට්‍යයේ රූගත කිරීමේ කාර්ය නිරත වෙලා තිබෙනවා. තව කිව්වොත් මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එකක් තමයි "උලත් එකයි පිළත් එකයි" සහ "රේන්බෝ" කියන චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකම මැයි මාසයෙන් පස්සේ එළිදැක්වීමට නියමිතය."

"මම රියැලිටි වැඩසටහනක් සඳහා දායක වූ දෙවැනි අවස්ථාව මෙයයි. %සිරස ඩාන්සින් ස්ටාර්"වලට වඩා වෙනස්ම කාර්යයක් තමයි මෙහි තිබෙන්නේ. රංගනයෙන්ද ගායනයෙන්ද නර්තනයෙන් යන කාර්යය තුනම මෙහි ඇතුළත් වෙලා. ඉතිං වෙනස්ම අත්දැකීමක්. දැනට ගායන වට දෙකක් සහ නර්තන එක් වටයක් තිබුණා. එහිදී ගායනා කරපු ගීතයක් සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණා. මම කවදාකවත් හිතුවෙ නැහැ ඒ ගීතය හැමෝටම Feel වෙයි කියලා."
 

20160314ent-600
20160314ent-602
20160314ent-604
20160314ent-605
20160314ent-606