ටිකට් පොත් මුද්‍රණය කැර වැඩිහිටි නිවාසයකට ආධාර එකතු කැර හෙරොයින් මත් කුඩු බිවු බව කියන පුද්ගලයකු හා කුඩු විකුණන්නකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
දිනකට කුඩු පැකට් පහළොවක් පමණ බොන බව කියන එම තැනැත්තා පන්සල් හා සෙනඟ ගැවසෙන තැන්වලද ටිකට් විකුණා කුඩු ගැසීමට මුදල් සොයා ගනිතියි කියති.

