වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුව - ජනපති


(සුජිත් හේවාජුලිගේ)

අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී අද (16) පැවැති ලෝක ආහාර දින සැමැරුම් උත්සවයේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.

      ‘‘අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒක අප කවුරුත් දන්න දෙයක්. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ. සමහරුන් හිටියත් පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විශාල ආහාර ප්‍රමාණයක් දිනපතා ඉවත දමනවා. අවුරුදු 27ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ හිටපු නිසා දැනුත් යන එන නිසා මම ඒක හොඳින්ම දන්නවා.‘‘

ඡායාරූප - චතුර එස් .කොඩිකාර