පාරිභෝගික සේවා අධිකාරිය දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳ සල් 52ක් සොයා ගත් බවත්, වෙළෙඳසල් හිමියන්ට එරෙහිව නඩු පවරන බවත් එම අධිකාරිය කියයි.
ඊයේ(20) දිනයේ පමණක් පාරිභෝගික සේවා අධිකාරිය කළ වැටලීම් ගණන 132කි.
වැඩිම වැටලීම් සිදු කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේය.

