පාරිභොගික කටයුතු අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදු කරන ලද වැටලීම් වලින් වැඩිමිලට හාල් විකිණූ වෙළෙඳුන් 1900 දෙනෙකු ඇල්ලූ බවත් ඉන් 1300 කට නඩු පැවරීමට කටයුතු යොදන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.
ඔහු මේ බව කීවේ වවුනියාවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
‘‘රට පුරාම අපේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම් කරගෙන යනවා. රජයේ පාලන මිලට වැඩියෙන් හාල් විකුණන සහ පාවිච්චියට නුසුදුසු සහල් විකුණන වෙළෙඳුන් ඇල්ලීමේ කටයුතු නිවාඩු දිනයන්හීත් සිදු කරගෙන යනවා. නිලධාරීන් 200ක් පමණ වැටලීම් වලට සහභාලී වී සිටිනවා.‘‘ යැයි ද ඇමැතිවරයා පවසයි.

