(යොහාන් භාසුර)
වැඩි මිලට ඖෂධ මිලගැනීම අඛණ්ඩව සිදුවන බවත් තවත් ඖෂධ දෙකක් වැඩි මිලට මිලගැනීමට සූදානම් වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.
රුපියල් 7000 ක් වන ‘ගැන්සයික්ලෝවියන්’ නැමැති ප්‍රතිවෛරස එන්නත රුපියල් 77000 කට සහ රුපියල් 200 ක් වන ‘ලිනොසොලිඩ්’ නැමැති ප්‍රතිජීවකය රුපියල් 2200 කට මිලදීගැනීමේ වෑයමක් ඇති බවත් අසියානු සංවර්ධන අරමුදල හරහා කෙරෙන මෙවැනි ගණුදෙණුව හේතුවෙන් රට අනවශ්‍ය ණයකරුවෙක් බවට පත්වන බවත් ඒ මහතා කීය.
ඊනියා මාර්ගෝපදේශ හරහා වන මෙවැනි තාක්ෂණික අකටයුතුකම් නැවතත් සිදුවන්නේ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් ද මෙම ගණුදෙනුවල කොටස්කරුවන් වී ඇති නිසා බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

