වැඩි පොළියත් නෑ ලක්ෂ 85ත් නෑ


පාවහන් ව්‍යාපාරයක ආයෝජනය කරීම සඳහා වැඩි පොළියට දකුණේ තිදෙනකුගෙන් රුපියල් අසූපන් ලක්ෂයක් ගත් තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන පොලීසිය කියයි.

ඇය ගාල්ලේ අඹු සැමි යුවලකගෙන් රුපියල් ලක්ෂ 53ක් ද, තිහගොඩ කතකගෙන් රුපියල් ලක්ෂ 17ක් ද, කඹුරුපිටියේ අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ද වංචා කර ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.