ඌව පළාත් සභාවේ 2017 සඳහා වන අය වැය වැඩි ඡන්ද 28කින් අද සම්මත විය.
අය වැයට පක්ෂව ඡන්ද 30ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමික්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර විධානගමගේ ඡන්ද විමස අවස්ථාවේ සභාවේ සිටියේ නැත.