වැඩි කළ විදුලි බිල එපා


විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් අද (20) පැවැති මාසික රැස්වීමේදී මේසය මත නැග සිය විරෝධය දැක්වූහ. පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්. එම්. කලීල්, හිටපු සභාපති සුරංජිත් කුමාර වික‍්‍රමසූරිය යන මහත්වරු ඔවුහුය.