මැලේසියාවේ පැවැත්වෙන රාජකීය පොලිස් දිනය නිමිත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගතවන නිසා වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි පැවැත්වෙන 210 වැනි රාජකීය මැලේසියා පොලිස් දිනයට සහභාගීවීමට පොලිස්පතිවරයා අද (24) අලුයම දිවයිනෙන් පිටත් විය. ඒ අනුව අද සිට වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරයි.

