වැඩබලන ඇමතිවරු හතරක් පත් කරයි


 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන කාලවකවානුව සඳහා වැඩ බැලීමට අමාත්‍යවරුන් හතර දෙනකු පත්කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය  සඳහා මෙන්ම ජනාධිපතවරයා සමඟ සංචාරයට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙසේ වැඩබලන අමාත්‍යවරු පත් කරනු ලැබ සිටිති. 

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ආරක්ෂක වැඩබලන අමාත්‍ය ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර,

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය ලෙස විදේශ කටයුතු හා විදේශ රැකියා  නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත්වරු පත්කර සිටිති.