වැඩ කළ හැකි රණවිරුවන්ට රැකියා දෙන බව ජනපති කියයි.


වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා කළත් සියලූම රජයන්ට වඩා රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මේ බව පැවසුවේ තාක්ෂණ නිළධාරින් ලෙස බ`දවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරමිනි.වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය ස`දහා යොදා ගැනීමෙන්  ඔවුන්ගේ සුබසාධනය ද වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

  ජාතික සංවර්ධනයට දායක කරගත හැකි විශ‍්‍රාමික රණවිරුවන්ගේ සංඛ්‍යාව 113,598 ක් පමණ වන බව ද ජනාධිපති කාර්යාලය ස`දහන් කරයි.