ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල සිරිතට මුල්තැන දෙමින් කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබීය. ජයන්ති සිරිසෙන ජනපති ආර්යාව ද චතුරිකා දහම් සහ දරණී දූ පුතුන් ද එම අවස්ථාවට එක් වූහ. වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපති නිල නිවසේ රත් හඳුන් පැලයක් ද රෝපණය කළේය.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ද හිතවතුන් ද මෙම අවස්ථාව එක් වූහ. චාරිත්‍රානු කූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය හෙට (15) පෙරවරු 11.04 ට යෙදෙන සුභ නැකතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය



