වසා දමන ලද ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් හට සිය මුදල් ආපසු ලබා දීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී අද පැවැත්විණි.
ප්‍රමුඛ බැංකුවේ සියලු වත්කම් හා වගකීම් 2007 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට පැවැරුණු අතර ගනුදෙනුකරුවන්ට වත්කම් ගෙවීම සඳහා මහ බැංකුව වසර 2017 දක්වා විශේෂ කාලසටහනක් ද සැකසීය.
එහෙත් රවී කරුණානායක මහතාගේ විශේෂ නියෝගයකට අනුව එම වත්කම් ගනුදෙනුකරුවන් 82000කට මෙසේ වහාම මුදල් ගෙවීමට තීරණය කැරිණි.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අසෝක සෝමරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ අමරසිංහ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.




