වැට් බදු හොරා කෑ උප කමිසුරු හිරේ


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 399ක වැට් බදු වංචාව සම්බන්ධ නඩුවේ  දෙවැනි විත්තිකරු වූ ආනන්ද අඹේපිටිය, හිටපු නියෝජ්‍ය කොමසාරිස්ට    මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය   මාස 14ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් පන් ලක්ෂයක දඩයක්  නියම කළාය.

එම නඩුවේ 11 වැනි විත්තිකරු වූ එස් එම් අෂ්රොප් නම් ව්‍යාපාරිකයාට අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය රුපියල් හය කෝටියක දඩ ද නියම කළාය.

දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුගේ සියලු දේපළ රාජසන්තක කරන බව ද විනිසුරුවරිය පැවසුවාය.

මේ දෙදෙනා පළමු චෝදනාවට වරද පිළිගත්හ.

එම නිසා නීතිපතිවරයා ඔවුනට එරෙහි තිබූ සෙසු චෝදනා ඉවත් කර ගත්තේය.