එකතු අගය මත බදු (වැට් බදු) සංශෝධන පනත් කෙටුම්පත මෙම මස 26 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
ඉදිරි වසර සඳහා ගෙන එන අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් කණ්ඩායමේ ද අදහස් ඇතිව සියලූ දෙනාගේ එකඟතාවයකින් යුතුව ඉදිරිපත් කරන බවත්, සියලූ දෙනාගේ සහය ඇතිව එය සම්මත කරගැනීමට අපේක්‍ෂා කරන බවත් රවී කරුණානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20ක අයිතිය හිමිවන පරිදි හම්බන්තොට වරාය චීන සමාගමකට පවරාදීමට කටයුතු කරගෙන යන බවද කී අමාත්‍යවරයා සුදු අලින් ලෙස සලකන ව්‍යාපෘති සියල්ලම ආර්ථික වාසි ලබාගත හැකි වැඩපිළිවෙලකට යොමු කරන බවද සඳහන් කළේය.