මන්නාරම විල්පත්තු රක්ෂිතයෙන් කපාගත් දැවතොගයක් ඉරා අනවසරයෙන් ප්‍රවාහනය කරමින් සිටි බව කියන යුද හමුදා සෙබළුන් 15 දෙනෙකු සහා ග්‍රක් රියක් සිලාවතුර පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එක් අයකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ඒ ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.






