අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි පවසයි.
මේ සම්බන්ධයෙන් අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කරන බවත් ඒ මොහොතේම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පොලිසිය කියයි.