(නිමන්ති රණසිංහ)
තමන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පුත්‍රයා බව පවසමින් මිත්‍රයකුගේ වාහනයක් රථවාහන වරදකින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව කියන තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.
සැකකරු අන් අයකු ලෙස පෙනී සිටිමින් වංචා කර ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 403 වගන්තිවලට අනුව වරදවල් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුනේ කුරුදුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර මහතා විසිනි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරි දිනයේදී අධිකරණයට ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියම කරමින් ලබන 20 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

