
(කේ. බුද්ධික කුමාරසිරි)
කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ වාහන කුලියට දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ගැණුම්කරුවන් ට රුපියල් කෝටි 50 ආසන්න මුදලක් ලබා නොදී පලා ගොස් සිටි බව කියන හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ දී ඊයේ (31) අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
සැකකරු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ සිටියදී ඔහුගේ වංචාවට අසු වූ කාන්තාවක් ඔහුව දැක ඇත.
පසුව උපාය ශීලීව ඔහු සමග කතාබහකට වැටී සිටින අතර තුර වංචාවට හසු වූ තවත් පිරිසකට මෙම පණිවිඩයක් ලබා දී ඔවුන්ද පැමිණි පසු සැකකරු පළා යා නොදී ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුවත් ඇත. අනතුරුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පදලංගල කුට්ටිගල ජයන්ති මාපියපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා ගන්නා සහ එසේ ලබා ගත් වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. එසේ ලබාගත් වාහනවලට අදාල වාහන හිමිකරුවන් ට මාසික කුලී මුදල් ලබා දී ඇති අතර පසුගිය මැයි එම කාර්යාලය ද වසාදමා දුරකතන අංකද ක්‍රියා විරහිත කර ඇත.මොහුගේ මුදල් වංචාවට ලක් වූ පුද්ගලයෙන් 400 ආසනණ පිරිසක් පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.

