(ඩයනා උදයංගනී)
වාහන ලියාපදිංචි කිරීමේ දී ලබාදෙන ලියාපදිංචි සහතිකය, අංක තහඩු හා ස්ටිකර ආදිය ලබාගැනීමේදී සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් වැළැක්වීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සීඝ්‍රගාමී කුරියර් සේවාව හරහා ඒවා බෙදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබාගැනීමට සැලකිය යුතු කාලයක් හා වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර නව රියදුරු බලපත්‍ර සේවාදායකයන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළත් එහිදීද යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇති බවත් එම අපහසුතා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1) පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම නව වාහන අංක තහඩු කුරියර් මගින් ලබාදීමේදී පැරණි අංක තහඩුව නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙස මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන් බව ද ගම්මන්පිල මහතා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

