වාහන රැගත් මහ නැවක් මාගම


ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම නෞකාවක්  හම්බන්තොට මාගම්පුර වරායට පැමිණෙයි.

ජපානයේ සිට  මෙරටට පැමිණි ‘හයිපරියන් හයිවේ‘ නෞකාව මගින් වාහන 7700 ක් එක්වර ප්‍රවාහනය කිරීමට පහසුකම් තිබේ.මෙරට පරිහරණය සඳහා මෙම නෞකාවෙන් වාහණ 553 ක් හම්බන්තොට වරායට ගොඩ බෑම සිදුවිය. ලෝකයේ වෙනත් රටවලට ගෙන යන වාහන ද මේ නැවේ ඇත.

මෙම නෞකාව නිෂ්පාදනය කර මාස 3 ක් වැනි කෙටි කාලයකින් ජපානයේ සිට ලෝකයේ ප්‍රධාන වරායන් වෙත ළඟා වෙමින් යන අතර හම්බන්තොට වරායට පැමිණිම වෙනුවෙන් පිළිගැනිමේ කෙටි උත්සවයක් නෞකාවේදී පැවැත්විණි.

ජනවාරී මාසයේ දි හම්බන්තොට මාගම්පුර වරායට වාහන රැගත් නෞකා 15 ක් ළඟා විමට නියමිත බව වරා අධිකාරිය පවසයි.  

බහමාස් කොඩිය යටතේ යාත්‍රා කරන මේ නැවේ දිග මීටර 199.95කි. පළල මීටර් 36කි. ටොන් 74000ක් දළ වශයෙන් බර ගෙන යා හැකිය. යාත්‍රා කරන උපරිම වේගය නොට් 19කි. 

2016--01--12-magampura-waraya-1-_0001 2016--01--12-magampura-waraya-1--_1__0001 2016--01--12-magampura-waraya-1--_2__0001 2016--01--12-magampura-waraya-1--_3__0001