(ශිරාන් රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට අමතරව රජයේ සේවකයින් 18000 කට වාහන බලපත්‍ර හිමි බව පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමත් රත්තප්‍රිය මහතා පැවැසීය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් ගණනාවක මුදල් ඒකක වල වටිනාකම පහළ වැටීම හමුවේ මස හයකට හෝ වාහන බලපත්‍ර ලබා නොදීමට රජය ගත් තීරණය හොඳ බවද හෙතෙම කියා සිටියේය.
හදිසි ආර්ථික අර්බුදය හමුවේ අපනයන වැඩිකර ආනයනය සීමා කිරීමට රජය කතාකළද නිෂ්පාදනය නොමැතිව එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද පැවැසීය.
එනිසා රජය මීට වඩා සැලසුම් සහගත ලෙස මෙම අවස්ථාවේ කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය.

