වාහන පිපිරවීමට ගන්නා කිලෝ 15 ක පීඩන බෝම්බයක් වවුනියාවෙන් හමුවෙයි


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පීඩින බෝම්බයක් හමු වූ බව  වවුනියාව පොලසිය කියයි.

නිවැසියන් ගෙවත්තේ වළක් හැරීමේදී බෝම්බය හමුවී ඇත..
වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බවට සැක කෙරෙන මෙම අධිබලැති පීඩන බෝම්බය කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බව වවුනියාව පොලීසිය පවසයි.

එහි ‘කැප්ටන් රාජා (අයියා) 99‘ වශයෙන් සටහන් කර තිබූ බවත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එය නිශ්ක්‍රීය කර ඇති බවත් පොලිසිය කියයි.