වාහන පර්මිට් ලෙඩේට දොස්තරලා බෙහෙත් ඉල්ලති


මීට පෙර පත් වූ සෑම රජයක්ම වාගේ මේ ආණ්ඩුව ද රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද හා සහනාධාර කප්පාදු කිරීම අරඹා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන්ද සොයිසා මහතා කියයි.

අයවැයෙන් තීරු බදු සහන වාහන බලපත් නැවැත්වීම එයි පළමු පියවර බව ද ඔහු පවසයි.

වාහන බලපත් නැවැත්වීම ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සොයිසා මහතා කියයි.