වාහන ගත් අය නිදැල්ලේ - නොගත් විමල් හිරේ


ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකල ඉංජිනේරු සංස්ථාවට ලිඛිත උපදෙස් ලබාදී වාහන 04ක් ලබාගෙන භාවිතා කළත් අද නිදැල්ලේ සිටින බවත් කිසිදු අයුරකින් එසේ වාහන ලබා නොගත් ඇමතිවරයා අද සිරගත කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මුසම්මිල් මහතා මෙසේ පැවසිය.
විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කළේ  ආශු මාරසිංහ නැමැති ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව නමුත් වාහන අවභාවිතයකට අනුබල දුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැතිව බවත් මුසම්මිල් මහතා පැවසීය. 

- 130