වාහන කුලියට අරන් කුණු කොල්ලෙට විකුණලා


පුවත්පත් දැන්වීම් පළ කැර වාහන කුලියට ගෙන  අඩු මිලට විකුණු බව කියන පුද්ගලයකු  ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

කඩුවෙල වෙලේ හන්දියේ සි .ජේ එන්ටප්‍රයිසස් ආයතනය වටලා සැකකරු සමඟ වාහන හතක් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

නුගේගොඩ ගංගොඩවිල විමලවත්තේ චමීර ජයමිණි අබ්රත්ත රිමාන්ඩ් කැරුණු පුද්ගලයාය.

කිරිබත්ගොඩ ,නිට්ටඹුව ,මාලඹේ,තන්නිරිමලේ ,පන්නල,බියගම හා කොස්ගම  ප්‍රදෙස්වලින් වාහන කුලියට ගෙන අඩු මිලට විකුණා ඇතැයිද මීට පෙර ඔහු නුගේගොඩදි එවැනි  රථ වාහන සිද්ධින් සම්බන්ධ නඩු පහක් පවරා ඇතැයිද පොලීසිය අධිකරණයට  දැන්වීය.

ලොරි පහක් වෑන් රියක් හා කාරයක් සොයා ගත් බවද  පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.