(අජිත්ලාල් ශාන්තඋදය ජයන්ත නානායක්කාර)
වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනා මත ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර රන්බණ්ඩා සිරිසේන මහතාගේ සේවය වහා අත්හිටුවනු ලබයි.
ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර දිසානායක මහතා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත්තේ පසුගිය 22දා සිට බල පැවැත්වෙන පරිදිය.
මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප‍්‍රදේශය ක‍්‍රියාත්මක වන්නේ ඇඹිලිපිටිය, සුරියවැව, අඟුණකොළපැලැස්ස ආදී ප‍්‍රදේශ මුලික කරගෙනය. එම ප‍්‍රදේශවල ගොවීන් සම්බන්ධයෙන්, ගොවි ඉඩම් සහ කලින් ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය යටතේ පැවති ඉඩම් ආදිය වලව විශේෂ බල ප‍්‍රදේශයට අයත්ය. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය ඇතුලූ අභ්‍යන්තර විගණන අංශවලින් කරන ලද පරීක්‍ෂණයකින් පසුව මෙම මෙම වැඩ තහනම සිදුකර ඇති බව මහවැලි අධිකාරිය කියයි.

