අම්බලන්ගොඩ මාදම්පාගොඩ මංසන්දියේදී වාහන 8ක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.
මාර්ගයේ වැරදි දිශාවෙන් ආ කැබ් රියක් පාර අයිනේ නවතා තිබූ ත්‍රී රෝද දෙකක්, යතුරුපැදි හතරක් හා ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවත් අනතුරින් කිසිවකුට හෝ හානියක් සිදුව නැති බවත් කියති.





