වාසුයි පුතයි හඬති : නඩුව සීඅයිඩිය ගෙතූ බව කියති


‘මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක්  මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර  ගොතපු නඩුවක්.‘ යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬමින් කීවේය.

සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස කීවේය.

වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන - ‘අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා.‘

තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද කීහ.

නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහ ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර   අතට අත දී  පිටව යනු දක්නට ලැබිණි.

වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශයක් කළේය. නඩු විභාගය අතරතුරදී එම ප්‍රකාශය නොකළ නිසා එය පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.

DSC_5159 DSC_5172 DSC_5173  DSC_5526