මාළඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් නිපුනට අදත් චෝදනා ගොනු නොකැරිණි.
චෝදනා ගොනු කරන ලෙස නීතිපි උපදෙස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ගුණවර්ධන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊට එරෙහිව කරුණු දැක්වූහ.
සැකකරුවන් ලබන 14 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.