වාසුයි පුතයි තව මාස තුනක් රිමාන්ඩ්


සංග්‍රාමික අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගන්නා ලැදැයි කියන සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුනවර්ධන ඇතුලු සැකකරුවන් තවත් මාස තුනක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා අද නියෝග කළේය. සැකකරුවන්ට ඇප ලබා දෙන්නේනම් ඉන් මහජන කැලඹීමක් ඇතිවීමටත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවීමටත් ඉඩ ඇතැයි රජයේ ජ්‍යේෂ්ඨ නිතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීම සළකා බැලූ විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව රවිඳු වාස් ගුණවර්ධන සහ ඉන්දික බමුණුසිංහ, ගාමිණී සනත්චන්ද්‍ර සහ ප්‍රියන්ත සංජීව යන පොලිස් නිලධාරීන් ද මෙලෙස රඳවා තැබීමට නියෝග කැරිණි.

බම්බලපිටියේ කෝටිපති වයාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ රඳවා තබා ගනිමින් මේ සැකකරුවන් නඩු විභාගයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.