පක්ෂයක් වශයෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායක වාසු දේව නානයක්කාර මහතා කිසිම පියවරක් නොගෙන අත්තනෝමතික ආකාරයෙන් කරන වැඩ දිහා තව දුරටත් බලා සිටීමට නොහැකි නිසා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු වීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ හිටපු ජාතික සංවිධායක ප්‍රදීප විජේසුන්දර මහතා පැවසීය.
වාසුදේව යනු වෙනුවට ‘වාසිදේට’ යන්න ඔහුට වඩාත් සුදුසු බවත් සිරිකොත මුලස්ථානයේදී මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අතින් එජාප සාමාජීකත්වය බාර ගනිම්න් ඔහු කීවේය.