අද පාර්ලමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටි මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විපක්ෂයේ බාධා කිරීම් මැද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පරුෂ වචනයෙන් බැන වැදුණේය.
වික්‍රමසිංහ මහතා කතා කරමින් සිටිය දී වාසුදේව නානායක්කාර මහතා නැගී සිටියේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔහුගේ අසභ්‍ය වචන ගණන් ගත්තේම නැත. ඔබේ රැවුල කපාගන්න. එතකොට මොළේ පෑදෙයි යනුවෙන් අගමැති ඔහුට කීවේය.
අගමැති - මං වාර්තාවේ තුන් වැනි පිටුව කියවන්නේ. ටිකක් වාඩි වෙන්න. පිළිතුරු දෙන්න මං මොකක්ද කියවන්නේ කියලා වත් දන්නේ නෑ.
වාසුදේව නානායක්කාර - පොයිට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. පොඩ්ඩක් ඉන්නවකෝ පොයින්ට් ඔෆ් ඔඩර් කිව්වාම. අනේ ... ගහන්නේ නැතුව ඉන්නවා ඕයි. අහන්න ලෑස්තිත් නෑ. මාව වාඩි කරන්න ඔහේට පුළුවන්ද?
කතානායක - වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා.
වාසුදේව නානායක්කාර - පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අහන්නේ නෑ. කතා නායකතුමා මට අවසර දුන්නාම මේ මිනිහා කෙළගෙන කෙළගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මාව වාඩි කරන්න? උඹට පුළුවන්ද මාව වාඩි කරන්න .‘.........‘ ? මාව වාඩි කරන්න බෑ ‘...‘. පිස්සු කෙළින්ට එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා. මම අහන්නේ ඔබතුමාගෙන් මේවගේ පිස්සු කෙළින්න පුළුවන්ද කියලා.
කතානායක - ගැලරියේ පාසල් ළමයින් ඉන්නවා. මේක පුරුද්දකට ගනියි.
එම වාදයෙන් පසු නානායක්කාර මහතා සිය රීති ප්‍රශ්නය ඉදිරිපත් කළේය.
(වාසුදේව නානායක්කාර මහතා කී ඇතැම් වචන පළ කළ නොහැකිය.)

