හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිදුට ඇප ඉල්ලමින් ඔහුගේ බිරිය විසින් ඉදිරිපත් කළ අයදුම්පත ට විරෝධතා ඇත්නම් ජනවාරි 22 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා රජයේ නීතීඥයාට අද නියෝග කළේය.
වසන්ත පිටිගල මහතා ඇප ඇයැදුම ඉදිරිපත් කරමින් පැවසුයේ මොවුන් මාස තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බව කියා සිටියේය.
සෙසු සැකකරුවන් දෙදෙනා වු ෆවුස්ඩීන් හා ක්‍රිෂාන්ත කෝරළගේ රජයේ සාක්කි කරුවන් වී ඇප ලබා සිටින බවත් ඔහු කීවේය.

