බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු ගුණවර්ධන රටින් බැහැර වීමට ඉඩ ඇති හෙයින් එය වැළැක්වීමට පියවර ගන්නැයි රහස් පොලීසිය අද(30) කොළඹ කොටුව අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහුට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකට නියෝග කළේය.
රවිදු ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකි.
වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකරුවෙකි.