බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් රවිදු ගුණවර්ධන විසිහතර පැයක් රහස් පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහාබිදීන් මහතා අද (08) නියෝග කළේය.
රවිදු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයෙකි.දෙදෙනාම මේ සිද්ධියේ සැකකරුවෝය.රවිදු සමග අත්අඩංගුවට ගත් දිමුතු ශ්‍රි මාල් හෙට්ටිආරච්චි ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
විසි හතර පැය අවසානයේදී රවිදු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඔහු අධිකරණ වෛද්‍ය නිලධරයකු වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එවිට තිරණයක් ගන්නා බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසීය.