බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය මහාධිකරණයේ විශේෂ විනිෂ්චය මණ්ඩලය ඉදිරියේ විභාග කරනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් දීම ලබන 25 වැනි දා ට කල් ගියේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු හා පොලිසියේ කිහිප දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
රෝහිණී වල්ගම, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න යන විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තිය ලිඛිත හා වාචික විරෝධයක් මතු කරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගත් සැකකරුවනට එරෙහිව අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ නඩු විභාග කිරීම සාධාරණ යුක්ති ධර්මයට පටහැනි බවයි.
එහෙයින් නඩුව ඉවත දමන්නැයි විත්තිය ඉල්ලා සිටියේය.

