ශ්‍රී ලංකවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දුයවන්නා ලෙස සැළකෙන චමින්ද වාස් මහතා පත්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් වාර්තා වේ.
බංග්ලාදේශ සංචාරයට පමණක් මෙම පත්කිරීම කර ඇති බව වාර්තා වන අතර චමින්ද වාස් පසුගිය වසරේ අගදී නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත වේගපන්දු පුහුණු උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.
වමතින් වේග පන්දුයවන 39 හැවිරිදි චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක් ද, එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් ද දවාගෙන තිබේ. ලෝක ක‍්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන චමින්ද වාස් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස පිළිගැනීමක් දිනා සිටියි.